දැන්වීමයි........




බෙලිහුල් ඔය තහනම් කර ඇත,
සමනල වැව සිඳී ගොසින්,
ඒත්........
සහෝදරත්වයේ ආදර කන්ද,
(නොසැලී නිහඬවම,)
උල්පත් වලට සෙවන සදයි,
නව උල්පත් බිහි කරයි.
ඉක්මනින්ම අස්වද්දනු වස්
යලිත් සරසවි කෙත................

කවුන්සිල්....

ඉන්නකොට කරදර,
නැති උනාම
ඊටත් වඩා කරදර,
අපේම අපේම
අපේ සෙට් එක.
................?

පුංචි සුරඟන..............



-->
සීතල මීදුම් සළුවකින් වැසී ගියපු ලස්සන කඳු වැටියක්, වා තලයට මුසු උන බටනලා සංගීතය,මේ අපූරුව ගැන කවියෙකුට නම් කවි පද දාහක් උනත් ලියන්න පුලුවන් වෙයි, ඒත් ගොපල්ලෙක් උන මට ලස්සන විඳ ගන්න තරම් කොහෙද ඉස්පසුවක්, මෙතුවක් කල් තනිකමයි කාන්සියයි තුරුළු කරගෙන ජීවත් වෙන්න හැල්මෙ දුවපු මම මොහොතක් කල්පනා කලා,. මගේ පාළුව නැති කරන්නත් කවුරු හරි ඒවිකොහෙදෝ ඉඳන් ආපු සීතල සුලඟක් ගතේ දැවටුනේ පුංචි අහිංසක බලපොරොත්තුවකුත් එක්ක... මම  දැනගෙන හිටිය ඔයා එන බව,ඔව් සත්තකින්ම මම දැන ගෙන හිටිය.........
දවස් ගානක්ම ගෙවිල ගියේ කිසිම වෙනසක් නැතිව,ඒත් හැමදාකම මගේ ලෝකෙ ලස්සන කරන්න එන ගොපළු කෙල්ලෙක් ගැන මම හීන දැක්කා,.. කිසිම පිලිවෙලක් නැති මගේ ජීවිතේ පිලිවෙලක් කරන්න එන ගොපළු කෙල්ලෙක් ගැන මම හීන දැක්ක.එයා මගේ ජීවිතේ හැඩ කරන හැටි,ගොඩාක් ආදරෙන් මගේ ජීවිතේ බෙදා ගන්න හැටි හීන වල තිබුනා. හීනය සැබෑ වෙන දවස එනකන් මම ඇඟිලි ගැන්නා. දවස උදා උනාඔව් ඔයා ආවා, මගේ ජීවිතෙට මගේ ලෝකෙට ඔය ආවා.................
ඒත් මොකක්දෝ අමුත්තක්, මට හම්බ උනේ මම හීන දැකපු ගොපළු කෙල්ලව නම් නෙවෙයි. මට හම්බ උනේ කඳුකරේ ලස්සන විඳින්න ඇවිත් අතරමං උන පුංචි සුරංගනවියක්......පුංචි සුරංගනවියේ... මේ කඳුකරේ පේන තරම් ලස්සන නෑ ලස්සනට යටින් මහා භයානක කමක් හැංඟිලා තියෙනව... ජීවිතය කියන්නෙ සුන්දර කවියක් නෙවෙයි.මේ කඳුකරයෙ ජීවත් වෙන්න තරම් ඔය හයිය නෑ.. මේ කඳුකරයට ඔයා සියුමැලි වැඩියි. ඔයා ඉක්මනටම විනාශ වෙලා යයි.............ඔව්, ඔයා ඉක්මනටම විනාශ වෙලා යයි...... 
ඒත්..... මම කොහොමද ඔයාට විනශ වෙන්න ඉඩ දෙන්නෙ, මහා ලෝභ කමක් හිතට දැනුනා. මම ඔයාට මගෙ හිතේ ඉඩක් දෙන්නම්,මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන්න අත්වැලක් වෙන්නම්. මට දැනෙනවා ඔයා තමයි.මගේ ජීවිතේ හැඩ කරන්න ආවෙ ඔයා තමයි. පුංචි සුරංඟනවියේ මම ඔයාට ආදරෙයි,ඔව් ඇත්තමයි. මම ඔයාට ගොඩාක් ආදරෙයි.. ඒත්,, අනේ මන්ද, ඔයා සුරඟනවියක්. මම නිකන්ම නිකන් ගොපල්ලෙක්. දිව් ලෝකෙදි සැප සම්පත් විඳපු ඔයාට මගෙ හදවතේ ඉඩ ඇති වෙයිද?   මම කොච්චර ආදරේ කලත් ඔයා ලඟදිම දවසක පියාඹල යයි.. ඔයාගෙ ලෝකෙට ඔයා පියාඹලා යයි.මම මොනවද දැන් කරන්නෙ. මේ සුරඟනාවි විනාශ වෙන්න දාල යනවද?නැත්නම් ටික දවසකට හරි මගේ හදවතේ ලැඟුම් ගන්න ඉඩ දෙනවද?
මම තීරනයක් ගත්තා,මෙතුවක් කල් මගේ ලෝකෙට ආවෙ ඔයා විතරමයි,එහෙව් ඔයා විනාශ වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. ඔය මගේ හදේ ඉඩක් ලබා ගත්ත නිසා ඔයා මගේ ලඟ රැදෙනකං මම ඔයාව ආදරෙන් රැකගන්නම්.... ඒත් ඔයා මට මේ තරම් දුර බව දැන දැනත් මම කොහොමද ඔයාට මගේ ආදරේ කියන්නෙ,.......... 

අතරමං උන පුංචි සුරඟන
ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

ඔයාට මගේ හදවතේ ඉඩ දුන්නත් මට ඔයාව පෙනුනෙ නම් කුණාටුවක් වගෙයි. ගමක හැදුන දුප්පත් ගොපල්ලෙක් වෙච්ච මට ඔයාගෙ විලාසිතා, හැසිරීම, කතාබහ දැනුනෙ කුණාටුවක් වගේ.මම ගොපළු කෙල්ලක්ගෙන් බලාපොරොත්තු උන සුන්දරත්වය ඔයා ලඟ නැද්දෝ කියලත් මට හිතුන. ඒත් ටික දවසකින්ම මට තේරුනා ඔයාගෙ ඇතුලෙත් ජීවත් වෙන්නෙ මම ප්රාර්තනා කරපු විදිහෙ අහිංසක කෙල්ලෙක්මයි කියන එක. වගේම මම තේරුම් ගත්තා කුණටුවක් විදිහට දැක්කත් ඔයා සුවඳ මදනලක් වෙලා මගේ ලෝකෙම සුවඳ කරපු බවත්, ඒත් ඔයා මට මේ තරම් දුර බව දැන දැනත් මම කොහොමද ඔයාට මගේ ආදරේ කියන්නෙ,.......... 

කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

ඔයා කින්නරාවියක්... ඔව් ඔයා දිය කිඳුරියක් වගෙයි. මේ පුංචි රටේදි කෙනෙක් වෙන් වෙලා ගියොත් ආයෙත් කවදා හරි, කොහේදි හරි මුනගැහෙනව. ඒත් දියකිඳුරිය යන්නෙ මුහුදට,එයාව කවදාවත්ම මුනගැහෙන එකක් නෑ. ඔයා වෙන් වෙලා ගියාමත් වගේමයි. කවදාවත්ම මුනගැහෙන එකක් නෑ,ඒත් ඔයට නම් ඒකෙ වගක් වත් නෑ, හරියට මගෙන් වෙන් වෙන එක ඔයාට දුකක් නෙවෙයි වගේ. ඒකත් එහෙමනම් මම කොහොමද ඔයාට ආදරෙයි කියල කියන්නෙ,

වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

ඔයා ලඟදිම ඈතකට පියාඹලා යාවි.ඒත් මගේ පුංචි හදවතේ ඔයා හැමදාමත් ජීවත් වේවි. කිසිම කෙනෙක් පය නොගහපු මගේ ලෝකෙට ආවට, කිසිම බලාපොරොත්තුවක් නොතිබුනු මගේ ලෝකෙට පුංචි බලාපොරොත්තුවක් හරි දුන්නට, පුංචි සුරඟනාවියේ ඔයාට ගොඩාක් පින්.........
මේ දුප්පත් හදවත අමතක කරල ඔයාගෙ ලෝකෙ හොයාගෙන පියඹුවට මේ දුප්පත් ගොපල්ල කවදාවත්ම ඔයත් එක්ක තරහ නෑ........... ඇත්තමයි.........

Related Posts Plugin for WordPress, Blogger...