ත්‍රස්තවාදය




සබරගමු සරසවි සොයුරන් තිදෙනාට එල්ල කල මැර ප්‍රහාරය හෙලා දකිමු. 
මෙවන් සොඳුරු මිනිසුන්ට පහර දුන් මැරයන්ට 
සහ උන්ට අනුබල දුන් අමනයන්ට
 ශාප වේවා!!!!!




සුබ අළුත් අවුරුද්දක් වේවා !


පුම්බපු බැළුන් බෝල
නම කියන්න තේරෙන්නෙත් නැති
කෑම ජාති,
තව වීදුරු බෝතල්වල සැර බීම
වටකරගත්
පාට පාට සිහින ලොවකි
"31st night"
ඒත් පහුවදාට
පුරුදු ගහකොල
පුරුදු සුලඟමයි.
පුරුදු ප්‍රශ්න වැලම
කරපින්නාගෙන
දිගේලි කරාවි
බර අදින්නට
තවත් දොලොස් මහක් පුරාවටම………..
Related Posts Plugin for WordPress, Blogger...