සර්ව රෝග නිවාරණ කසාය



සතුට සිනහව
කඳුල විරහව
විඳීම විඳවීම
රාගය විරාගය
යන මේවා
පත අට එකට සිඳවා
ගත් කල
ඒ නම් ආදරයමයි....

Devise Found



ගෙන්  :  XX/MS/XXX (සම්පූර්ණ මෘදුකාංග හා දෘඩංග පද්ධතියකි)
වෙත  :   නාඳුනන පද්ධතිය

  • කිසිඳු අයුරක සාර්ථක සම්බන්දතාවයක් ගොඩ නඟා ගැනීමට නොහැකිව ඒ සඳහා සුදුසු පද්ධතියක් සොයමින් ( search කරමින් )  සිටි මට ඔබේ XX/MS/XXX දරණ පද්ධතිය හමු වූ බව මින් දැනුම් දෙමි.
  • නමුත් සබඳතාවය ගොඩ නඟා ගැනීමට පෙර ඔබට ගිනි තාප්පයක් ( Fire Wall ) මැදින් පැනීමට සහ Virus Guard  එකක් යටතේ පරීක්ෂාවකට ලක් වීමට සිදු වනු ඇත.
  • ඉහත පරීක්ෂණ 2න් ඔබ සාර්ථක වුවහොත් මා සමග සාර්ථක සම්බන්දතාවයක් ආරම්භ කිරීමට ඔබට හැකි වනු ඇත.  
  • සබඳතාවය ආරම්භයේදී 10 tb  පමණ වන මාගේ ධාරිතාවයෙන් 2 tb  ක ඉඩ ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන අතරම ඔබගේ ධාරිතාවයේ ද එවැනිම ඉඩක් බලාපොරොත්තු වෙමි.
  • සබඳතාවයේ සාර්ථකත්වය මත පදනම්ව මා සතුව ඇති ආදරය සහ කරුණාව නම් වූ මිලාධික මෘදුකාංග (Software ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
     
  • තවද ඔබේත් මගේත් දෘඩාංග ( Hardware) පොදුවේ භාවිතා කිරීමට ඔබ කැමති වනු ඇතැයි සිතමි.
  • සබඳතාවය ඉතා සාර්ථක උවහොත් යම් දිනක තවත් අප වැනිම පද්ධතියක් බිහි කිරීමටද අපට හැකි වනු ඇත.
  • සැලකිය යුතු ප්‍රධානම කරුණ වන්නේ සබඳතාවය ඕනෑම වේලාවක විසන්දි කිරීමට ( disconect කිරීමට ) ඔබට මෙන්ම මටද හැකියාවක් තිබෙන බවයි. ඒ වන විට යම් අලාභයක් ලබා ඇත්නම් එය තනිව විඳදරා ගැනීමට සිදු වනු ඇත.
  • ඉහත කොන්දේසි වලට යටත්ව සබඳතාවය ඇති කර ගැනීමට කැමති නම්  කරුණාකර ඉල්ලීම පිලිගන්න (Accept the Request) . මුර පද ( Password ) යොදා නොමැත.
  • අදාළ නොවේ නම් නොසලකා හරින්න. ( Ignore All )
..................................................................................................................................................................

ප.ලි.

ඔබේත් මගේත් මෙම සබඳතාවය "ආදරය " ලෙස නම් කල යුතුයැයි මම යෝජනා කරමි.ඔබ එය පිලිගන්නේනම් ඔබ පෙම්වතිය ලෙසත් මා පෙම්වතා ලෙසත් මින් මතුවට හැඳින්විය හැකි වනු ඇත..


ඔබ.......

පාළුව කාන්සිය තනිකම,
මඳ අඳුර,
මන්දාරම .
මේ හැම දේම තියෙනවා.....
අඩු ඔයා විතරමයි.....

හ්ම්ම්ම්ම්ම්ම්...........

ඒකත් ඇත්ත,
ඔයා හිටිය නම්
කොයින්ද
පාළුව,තනිකම...............
Related Posts Plugin for WordPress, Blogger...