I Hate RED

මේ ගවුම ඔයාට ලස්සනයි.
අනේ එපා, ඒක රතුනේ.

එහෙනම් මේ කුඩේ ගමුද?
එපා, මම රතු පාටට ආස නෑ.

මෙන්න ලස්සන රතු රෝස මලක්,
එපා, I Hate RED

ඔයාගෙ කම්මුල් රතුම රතු පාටයි.
බොරු කියන්න එපා, ඔයාටත් වෙන පාටක් ඇත්තෙම නැද්ද?  රතු රතු රතු, ආයෙත් මට ඔය රතු පාට මතක් කලොත් එහෙම,

හැමදාමත් ඔයා රතු පාට පිලිකුල් කලා, වෛර කලා. හැමදාම මම හෙව්වෙ ඔයා ඇයි රතු පාටට මේ තරම් අකැමති කියලයි.

අද අපේ Home Coming එක දවස,අද ඔයාට රතු පාට සාරියක් අඳින්නම වෙනවා. ඒත් දැන් මම දන්නව ඔයා ඇයි රතු පාටට වෛර කරන්නෙ කියල.

හ්ම්..... අද ඉඳන් මමත් රතු පාටට වෛර කරනවා.




"I Also Hate RED"

විභාගයට කලින් Cheak list එකක්


  • පෑන්, පැන්සල්, අඩිරූල                   
  • මකන කෑල්ල                                  
  • Calculater එක.                               
  • Admission එක.                               
  • ID එක.                                          
හ්ම්........
එතකොට
  • ගිරව                                              
  • කඩ්ඩ                                            
තව මොනවඩ අඩු?....
අයියෝ මතක් වෙන්නෙත් නෑනෙ.
හරි මතක් උනා,
  • දැනුම          ?

අයියෝ කෝ මේක,
කොහෙ දැම්මද?
හරි කමක් නෑ
ඕක නැතුවට
A+ එකක් ගන්න පුලුවන් අනිත් හැමදෙයක්ම මා ලඟ තියෙනවනෙ,

ඇයි මං විතරක්????

රන්ඩු වෙන්නෙ අපි දෙන්නම,
බැන ගන්නෙ අපි දෙන්නම,
ගහගන්නෙ අපි දෙන්නම,
ඊට පස්සෙ
කතා නොකර ඉන්නෙත්  අපි දෙන්නම
ඒත්
ඇයි හැමදාම
මම විතරක්
ඉස්සෙල්ලම
"SORRY"
කියන්න ඕන???????
Related Posts Plugin for WordPress, Blogger...