අතරමං උන පුංචි සුරඟන

අතරමං උන පුංචි සුරඟන
ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........


කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........


වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

එදා මතකද ඇවිද ගිය හැටි
සොඳුරු සරසවි නිම්නයේ
එක්ව හඬලා එක්ව හිනහුන
අතීතය මතකේ ඇඳේ.

තනිකඩ ගස් පෙල සුපුරුදු විලසම
සඟව ගෙන මහ ගොඩක් ආදර කතා
අදත් අහගෙන ඉන්නවා ඇති
තවම තනිකඩ කොල්ලන්ගෙ පෙම් කතා......

ආදර කන්දේ ඉහලම මුදුනට
කාලය අප ලං කල අරුමේ
පුරුදු උණුහුමින් උණුහුම් වන්නට
සත්තයි එනවා හැකි විගසේ.........

Quality (අනේ මන්දා)

සමාසික යදමින්
බැඳ සිර ගත කල නොහැකි වූ කල,
දැන් දත කයි
තනන්නට
"නියම සරසවි සිසුවා"
80% දඬුකඳේ ගසා......

ඇත්ත නේන්නම්, ගහල හරි හදා ගන්න එපැයි.
Related Posts Plugin for WordPress, Blogger...