සරසවිය?



සරසවි සිසුන් මිලිටරියට නතු                          කරන 
නීති හදයි පාලකයන් කටු                               ගිලින
සිසුන් සිටින තුරු ගව්වක් දුර                           දකින
උන්ගේ නීති පමනකි දහවල්                           සිහින

සරසවි බිමත් යුධ කඳවුරු කරනු                     සිතූ
මහ රජාගෙ අණ පරිදිම නීති                           තැනූ
උන්ගේ අමන තීරණයට වෙලා                       නතූ
හොස්ටල් යා යුතුද දහයට මෙයින්                  මතූ

නිදහස් අධ්‍යාපනය රැකුමට හඬක්                  නගා
සිසු සංගම් කල යුතුකම හොඳින්                    සිතා
නෑ පසු තැවීමක් කිසිවිට දැනී                         මෙදා
තහනම් කලේ අපි හරි දේ කරපු                     නිසා

සරසවි සිසුන් මී හරකුන් ලෙසින්                   සිතා
කරනා අමනකම් කෙලෙසක සිටිමු                 දරා
උන්ගෙම ගොන් කමින් අප සටනට                කැඳවා
දැන් කෑ ගසයි අයියෝ නයි කනවා                 කියා

සරසවිය..



දේශන ශාලා වල
පුස්ථකාලෙ මහ පොත් අතර
අපි
සරසවි ජීවිතය හොයනව
ඒත් සරසවි ජීවිතය
මැට්ටෙ, වලේ, තනි ගස් පෙල යට
අපි එනකම්
තාමත් මග බලාගෙන ඉන්නවා...
Related Posts Plugin for WordPress, Blogger...