ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........
කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........
වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........
hmm ආර්ට් කලා නම් හොඳ නැද්ද?
ReplyDeleteඇත්තටම දැන්නම් එහෙම හිතෙනව, ඒත් ART නොකලට මම මට පුලුවන් හැටියෙන් කලාව හදාරනව. බොහොම ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට හිතුණෙ ගීතයකට නම් ලස්සන පබැදුමක්.. :)
Deleteඋත්සහ කරල බලමුකො, බොහොම ස්තූතියි.
Deleteටිකක් වෙනස් විදිහකට ලියපු පොස්ටුවකින් ගත්තු පද පේලි කිහිපයක් තමයි මේ තියෙන්නෙ,ඒ පොස්ට් එකත් බලලම ඉන්නකො.
ReplyDeletehttp://mandharama.blogspot.com/2011/07/blog-post_18.html