සැඳෑ කළුවර එබෙන්නට පෙර
දින ගෙවා ගෙට එනතුරා
රිදෙනවද ඔය පුංචි නෙතු යුග
මා එනතුරා මග බලා…
ගතේ වෙහෙසයි සිතේ රිදුමයි
දිනයෙ අපමන කටුක හැඟුමන්
ඔබේ කිරිකැටි සිනහා අභියස
මැකී යයි සිත තුටු වෙලා…
නිදන්නට සුව යහන වන්නට
මගේ උර මත වැතිරිලා
හනික එන්නම් පුංචි දෝණියෙ
තවත් ඔය නෙතු නොරිදවා...
No comments:
Post a Comment
ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් ගොඩක් වටිනවා.