ණයට ගත් මරුතියේ ඉඳගෙන
ලඟම උන් එක්කලා තරඟෙට
බෙන්ස් හීනෙට හැටේ පාගන..
පඩි පතේ ඉතුරුවක් නැතුවට
බිත්ති හතරට එහා දුර ගොස්
හීනයක හිර කරපු තරමක්
අහස උසටම නැගුන මන්දිර..
නැවතිලා රතු එලිය අද්දර
ඇසිල්ලෙ ඇස් ඇර බලනවිට
දුටිමි අපමණ තවත් ඇති බව
යාන්තමටත් වඩා චුට්ටක් අඳුරු උන අහස, වැහි බීරුම, සීතලට හමන මද සුලඟත් එක්ක එකතු වෙලා පුංචි වැහි පොද වලට වහින්නට ලබා දෙන ඉඩකඩයි මන්දාරම. ඒ වගේමයි මෙතුවක් කල් වහින්න පෙරුම් පුරපු මගේ සිතිවිලි වැස්සටත්, දෝරෙ ගලා යන්න ලැබෙන ඉඩකඩත් මන්දාරම. ඉතින් එන්න අපි තෙමෙමු.........
අතරමං කරන්නට වෙරදරන
උඩු හුලඟ හමුවේ
රැඳී ඉන්නට දරන වෙර...
ඒත්
අම්මයි තාත්තයි කියනව ඇහුන
හරි ආඩම්බරෙන්
"පුතා දැන් කොළඹ,
ලොකු රස්සාවක් කරනවා"
උඹත් කුණාටුවක්