අතරමං උන පුංචි සුරඟන

අතරමං උන පුංචි සුරඟන
ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........


කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........


වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

එදා මතකද ඇවිද ගිය හැටි
සොඳුරු සරසවි නිම්නයේ
එක්ව හඬලා එක්ව හිනහුන
අතීතය මතකේ ඇඳේ.

තනිකඩ ගස් පෙල සුපුරුදු විලසම
සඟව ගෙන මහ ගොඩක් ආදර කතා
අදත් අහගෙන ඉන්නවා ඇති
තවම තනිකඩ කොල්ලන්ගෙ පෙම් කතා......

ආදර කන්දේ ඉහලම මුදුනට
කාලය අප ලං කල අරුමේ
පුරුදු උණුහුමින් උණුහුම් වන්නට
සත්තයි එනවා හැකි විගසේ.........

Quality (අනේ මන්දා)

සමාසික යදමින්
බැඳ සිර ගත කල නොහැකි වූ කල,
දැන් දත කයි
තනන්නට
"නියම සරසවි සිසුවා"
80% දඬුකඳේ ගසා......

ඇත්ත නේන්නම්, ගහල හරි හදා ගන්න එපැයි.

විභාගයට කලින් Cheak list එකක්


  • පෑන්, පැන්සල්, අඩිරූල                   
  • මකන කෑල්ල                                  
  • Calculater එක.                               
  • Admission එක.                               
  • ID එක.                                          
හ්ම්........
එතකොට
  • ගිරව                                              
  • කඩ්ඩ                                            
තව මොනවඩ අඩු?....
අයියෝ මතක් වෙන්නෙත් නෑනෙ.
හරි මතක් උනා,
  • දැනුම          ?

අයියෝ කෝ මේක,
කොහෙ දැම්මද?
හරි කමක් නෑ
ඕක නැතුවට
A+ එකක් ගන්න පුලුවන් අනිත් හැමදෙයක්ම මා ලඟ තියෙනවනෙ,

ඇයි මං විතරක්????

රන්ඩු වෙන්නෙ අපි දෙන්නම,
බැන ගන්නෙ අපි දෙන්නම,
ගහගන්නෙ අපි දෙන්නම,
ඊට පස්සෙ
කතා නොකර ඉන්නෙත්  අපි දෙන්නම
ඒත්
ඇයි හැමදාම
මම විතරක්
ඉස්සෙල්ලම
"SORRY"
කියන්න ඕන???????

පුංචි පාඩමක්

හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි.. මුලින්ම මේ එක කියවල ඉමුකො.



බන්ඩියට බඩගිනියිලු
ඔයාට කව්ද කීවෙ?
බන්ඩිය
පව් නේද?
ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?
අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියල
එහෙම බෑලු, එයාට තනියම යන්න බෑලු.
එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කො
යකෝ ඒක මගෙ බන්ඩියනෙ.
ආආ තොගෙ බන්ඩියද? එහෙනම් වරෙන් යන්න


මේ මාස ගානක් දිග Study Leave එකක එක දවසක Short Note එකක් ගහපු කොල කෑල්ලක පෙම්වතුන් යුවලක් ලියල තිබුන දෙබස් ටිකක්.


Try කරල බලන්න. සමහරවිට මේ ක්‍රමය ඔබටත් සොඳුරු අත්දැකීමක් වේවි.

අහගනිල්ලා



කෙසඟ සිරුරක් තියුණු දෙනෙතක්
සත්‍යයේ ලෝ දහම කියනා පිරිසක්
කන්දියල්ලා උන්ගෙ හඬටත්
දෙසවනින් නොව බුද්ධියෙන් එක වරක්
දෙසවනින් නොව හදවතින් තව වරක්

උන් නඟන ඒ සත්‍යයේ හඬ
රතු පාට කමිසයට කොටු කල
මෝඩ මිනිසුනි අහගනිල්ලා
දෙසවනින් නොව බුද්ධියෙන් එක වරක්
දෙසවනින් නොව හදවතින් තව වරක්

රුදුරු සරසවි නිම්නයක සිට
නොදුටු පරපුර වෙතට ඉගෙනුම
උරුම කරනට වෙර දරන හඬටත්
දෙසවනින් නොව බුද්ධියෙන් එක වරක්
දෙසවනින් නොව හදවතින් තව වරක්

(අ) නුවණැති පුරෝහිතයා


එකෝමත් එක රටක හිටපු රජතුමෙකුට රට තොට සංචාරය කරනකොට සිරිපතුලෙ මඩ ගෑවෙන එක ලොකු ප්‍රශ්ණයක් උනාලු. ඒත් ඉතින් සංචාරය නතර කරන්නත් බෑනෙ, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ලුනෙ. මේකට විසඳුමක් විදිහට රජතුමා යෝජනා කලාලු රටේ හැමතැනකම බුමුතුරුණු අතුරන්න. ඒත් නුවණැති පුරෝහිතය කිව්වලු රජතුමාගෙ කකුලෙ මඩ ගෑවෙන එකනෙ ප්‍රශ්නෙ, ඉතින් රජතුමාගෙ කකුල් වැහෙන දෙයක් හැදුවනම් හරිනෙ කියල. ඔය විදිහටලු සපත්තු ඇති උනේ.
ඒ අතීත කතාව,
ඒ කාලේ අපි නුවණැති පුරෝහිතයට අත්පුඩි තැළුවා.
ඒත් අද හිතෙනවා,
ඒ මෝඩ පුරෝහිතය එහෙම නොකීවනම්, 
එදා වේල හොයා ගන්න මහන්සි වෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ කකුල් වලත් මඩ බිංදුවක් වත් නොගෑවෙන වර්තමානයක් අපිටත් උරුම වෙන්න ඉඩ තිබුන කියල.


Related Posts Plugin for WordPress, Blogger...