ගෙන් : XX/MS/XXX (සම්පූර්ණ මෘදුකාංග හා දෘඩංග පද්ධතියකි)
වෙත : නාඳුනන පද්ධතිය
- කිසිඳු අයුරක සාර්ථක සම්බන්දතාවයක් ගොඩ නඟා ගැනීමට නොහැකිව ඒ සඳහා සුදුසු පද්ධතියක් සොයමින් ( search කරමින් ) සිටි මට ඔබේ XX/MS/XXX දරණ පද්ධතිය හමු වූ බව මින් දැනුම් දෙමි.
- නමුත් සබඳතාවය ගොඩ නඟා ගැනීමට පෙර ඔබට ගිනි තාප්පයක් ( Fire Wall ) මැදින් පැනීමට සහ Virus Guard එකක් යටතේ පරීක්ෂාවකට ලක් වීමට සිදු වනු ඇත.
- ඉහත පරීක්ෂණ 2න් ඔබ සාර්ථක වුවහොත් මා සමග සාර්ථක සම්බන්දතාවයක් ආරම්භ කිරීමට ඔබට හැකි වනු ඇත.
- සබඳතාවය ආරම්භයේදී 10 tb පමණ වන මාගේ ධාරිතාවයෙන් 2 tb ක ඉඩ ප්රමාණයක් ඔබ වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන අතරම ඔබගේ ධාරිතාවයේ ද එවැනිම ඉඩක් බලාපොරොත්තු වෙමි.
- සබඳතාවයේ සාර්ථකත්වය මත පදනම්ව මා සතුව ඇති ආදරය සහ කරුණාව නම් වූ
මිලාධික මෘදුකාංග (Software ) පහසු ගෙවීමේ ක්රමයට ලබා ගැනීමේ හැකියාව ඔබට
ලැබෙනු ඇත.
- තවද ඔබේත් මගේත් දෘඩාංග ( Hardware) පොදුවේ භාවිතා කිරීමට ඔබ කැමති වනු ඇතැයි සිතමි.
- සබඳතාවය ඉතා සාර්ථක උවහොත් යම් දිනක තවත් අප වැනිම පද්ධතියක් බිහි කිරීමටද අපට හැකි වනු ඇත.
- සැලකිය යුතු ප්රධානම කරුණ වන්නේ සබඳතාවය ඕනෑම වේලාවක විසන්දි කිරීමට ( disconect කිරීමට ) ඔබට මෙන්ම මටද හැකියාවක් තිබෙන බවයි. ඒ වන විට යම් අලාභයක් ලබා ඇත්නම් එය තනිව විඳදරා ගැනීමට සිදු වනු ඇත.
- ඉහත කොන්දේසි වලට යටත්ව සබඳතාවය ඇති කර ගැනීමට කැමති නම් කරුණාකර ඉල්ලීම පිලිගන්න (Accept the Request) . මුර පද ( Password ) යොදා නොමැත.
- අදාළ නොවේ නම් නොසලකා හරින්න. ( Ignore All )
ප.ලි.
ඔබේත් මගේත් මෙම සබඳතාවය "ආදරය " ලෙස නම් කල යුතුයැයි මම යෝජනා කරමි.ඔබ එය පිලිගන්නේනම් ඔබ පෙම්වතිය ලෙසත් මා පෙම්වතා ලෙසත් මින් මතුවට හැඳින්විය හැකි වනු ඇත..
No comments:
Post a Comment
ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.