යාන්තමටත් වඩා චුට්ටක් අඳුරු උන අහස, වැහි බීරුම, සීතලට හමන මද සුලඟත් එක්ක එකතු වෙලා පුංචි වැහි පොද වලට වහින්නට ලබා දෙන ඉඩකඩයි මන්දාරම. ඒ වගේමයි මෙතුවක් කල් වහින්න පෙරුම් පුරපු මගේ සිතිවිලි වැස්සටත්, දෝරෙ ගලා යන්න ලැබෙන ඉඩකඩත් මන්දාරම. ඉතින් එන්න අපි තෙමෙමු.........
සරසවිය..
දේශන ශාලා වල
පුස්ථකාලෙ මහ පොත් අතර
අපි
සරසවි ජීවිතය හොයනව
ඒත් සරසවි ජීවිතය
මැට්ටෙ, වලේ, තනි ගස් පෙල යට
අපි එනකම්
තාමත් මග බලාගෙන ඉන්නවා...
පුංචි උදව්වක්........
ඉර ඇහැරෙන ඉසව්වෙදි ඇස ගැටුනු post එකක් එහෙමම එකේ දාන්න හිතුනා. පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් කියවල බලන්න.
ආදරණීය හදවත් ඇති මිනිසුනේ
ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ...
ඉතින් අපිට කරන්න පුළුවන් හැම දේම කරමු නේද?
වැඩි විස්තර සඳහා
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
ආදරණීය හදවත් ඇති මිනිසුනේ
ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ...
ඉතින් අපිට කරන්න පුළුවන් හැම දේම කරමු නේද?
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
වැඩි විස්තර සඳහා
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
මේ ආදරයමයි - II
විභාග ප්‍රතිඵල නිකුත් උනේ මට ගොඩාක් සතුටුදායක ආරංචියක් එක්ක.ඒ සතුට මට ලැබුනෙ මම campus select උන නිසා නෙවෙයි. මටත් වඩා හොඳ results අරගෙන ඔයා campus select උන නිසයි.ඒක මගෙ ජීවිතේ මම අහපු සතුටුදායකම ආරංචිය උනත් අද මට හිතෙනව ඒ සතුටුදායක ආරංචියම තමයි මගෙ ජීවිතයට කඳුල ගෙනාවෙ කියල. ඔයාව කොලඹ තනි කරල මට ගොඩාක් දුර එන්න උනා. ඔයා කොලඹ තනි උනා කීයල හිතුවට ඇත්තටම සිද්ද උනේ ගොඩාක් දුරක මම තනි උන එක විතරයි කියලත් දැන් මට හිතෙනවා..
මම campus ආවට පස්සෙත් අපි කථා කලා. ඉස්සර තරම්ම වෙලාවක් සමහර විට ඊටත් වඩා. හැබැයි ඉස්සර තරම් ආදරෙන්ද කියන එක මටත් ප්‍රශ්නයක්. මට වෙනසක් දැනුනෙත් නෑ, හැබැයි නැත්තෙත් නෑ. ඉස්සරත් අපි කථා කලා, රන්ඩු උනා, ටික වෙලාවකින් මම වැරැද්ද බාර ගත්තා.
"ඔයා හරි, මටයි වැරදුනේ" මම කියනව.
"නෑ නෑ,ඔයා හරි, මටයි වැරදුනේ" ඔයා කියනව. අපි දෙන්නම හිනහ වෙනව. ප්‍රශ්නෙ එතනින් ඉවරයි.
දැනුත් අපි රන්ඩු වෙනව.පුරුදු විදිහටම මම වැරැද්ද භාර ගන්නව. "ඔයා හරි, මටයි වැරදුනේ". ඒත් එතනින් එහාට කථාව වෙනස්. ඉස්සර වගෙ අපි හිනා වෙන්නෙ නෑ. හැමදාටම මම පුරුදු උනා "ඔයා හරි, මටයි වැරදුනේ"කියන්න. ඔව්, "ඔයා හරි, මටයි වැරදුනේ"
විනාඩි දෙක තුනක call එක පැය දෙක තුනක් වෙන්න ගිය කාලයටත් වැඩිය ඉක්මනට පැය දෙක තුනේ call එක ආයෙත් විනාඩි දෙක තුනක් උනා. ඊටත් පස්සෙ දවසකට වතාවක්, දවස් දෙකකට වතාවක්, සතියකට වතාවක් විදිහට ක්‍රමානුකූලව අඩු වෙලා ගිහින් මාස දෙක තුනකට වතාවක් ලැබෙන පුංචිම පුංචි sms එකකට අපේ ආදරේ අද සීමා වෙලා.
අපි ගොඩක් දේවල් කතා කලා. ගොඩාක් දේවල්. ඒත් ආපහු හැරිලා බැලුවම මට හිතෙනව අපිට මොනව හරි දෙයක් කථා කරන්න බැරි උනාද කියල. අපි මුළු ලෝකය ගැනම කථා කලා. ඒත් අපි ගැන වචන දෙක තුනක්වත් කතා කලාද? අඩුම තරමෙ ඔයාට ආදරෙයි කියලා කියාගන්නවත් මට කවදාවත්ම බැරි උනා. මට ආදරෙයි කියල ඔයත් කවදාවත්ම කිව්වෙ නෑ. ඒත් අපි දෙන්නගෙම හිත් වලට ඒ ආදරේ දැනුනා නේද?
මේ තරම් වෙලාවක් මතක පොතේ පිටු පෙරල පෙරල මම හෙව්වෙ එකම එක ප්‍රශ්නෙකට උත්තරයක්. ඇත්තටම මට වැරදුනේ කොතනද? මගේ ආදරය කවදාවත්ම ඔයාට නොකීව නිසාද මට වැරදුනේ. අනේ මන්දා.
ඒත් ආදරේ කියන දේ මම ඉගෙන ගත්තෙ ඔයාගෙන්. ඔයයි මට ආදරේ කියල දුන්නෙ. මම දන්නෙ ඔයා මට කියල දුන්න ආදරේ විතරමයි. ඔව්, මට තවම ඇහෙන්නෙ ආදරේ කියල ඔයා කියපු කවිය විතරමයි. ඔයාගෙ කවියමයි.
මුතු වැස්ස වහිනවා
එදා වාගේ දැනේ
අපේ මිරිවැඬි දොවා ගැලුවා
කොලඹ සරසවි මාවතේ
තවම මා ලඟ ඇසෙන්නේ
ආදරේයැයි ඔබ ලියූ කවියයි.
මේ ආදරයමයි
මම සොයා ගියේ
හදවතට තටු ලැබී
පියාඹා දුර අනන්තේ
පුංචි වැහිලිහිණියෝ
ඔබේ ගී හඬදෝ
තවම මා ලඟ ඇසෙන්නේ //
කියන්න මම හරිද? මේ වතාවෙදිවත් මම හරිද? පුළුවන්නම් කියන්න එකමෙ එක වතාවක්, "ඔයා හරි, මම වැරදියි" කියලා. මම බලාගෙන ඉන්නවා. හැමදාටම.....
මේ ආදරයමයි - I
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා
ඔව්. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා. ඒත් තිබුන කියන්නද තාමත් තියෙනව කියන්නද කියල මම දන්නෙ නෑ. කොහොම උනත් සමහර රචකයො හැබෑවටම අපිට උන දේවල් රචනා කරනව, ගායකයො ගයනව. ඒ ගීත කවදාවත්ම අමතක කරන්න බැරි අපේ මතකයන් නැවත නැවතත් අපිට මතක් කරනවා.
එක නිමේශෙකට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න ඒ බව අහල තිබුනත් අත්වින්දෙ ඔයාගෙන්. එක නිමේශයකදි සිසිල් මදනලක් වෙලා මගේ ලඟට ආපු ඔයා ඊලඟ නිමේශයෙදි මහා චන්ඩ මාරුතයක් වෙලා මගේ ලෝකෙන් යන්න ගියා. ඒත් ඒ සිසිල් මදනල මගේ ලෝකෙට මොනවද ගෙනාවෙ, චණ්ඩ මාරුතය මගෙ ලෝකෙන් මොනවද අරගෙන ගියේ? මම අදත් කල්පනා කරනව ඇත්තටම ඔයා නිසා මගේ ලෝකෙට මොකද උනේ කියල. ඔය නිසා මගේ ලෝකෙට මොකුත් ලැබිලත් නෑ, මොකුත්ම නැතිවෙලත් නෑ.ඒත් මගේ ලෝකෙ වෙලා ගත්ත මේ මහා පාළුව, තනිකම? ඒක මට දුන්නෙ කව්ද? ඔයා නේද? ඒත් ඒක පිලිගන්න ඔය කැමති නෑ. මම දන්නව ඔයා කවදාවත්ම ඒක පිලිගන්නෙත් නෑ කියල. ඔව් ඉතින් හැමදාම "ඔයා හරි, මම වැරදියි." ඒත් මට වැරදුනෙ කොතනද? මම හොයනව. ඊයෙත් අදත් හෙටත් මම හොයනව.
අපේ ආදර කතාවත් හරිම අමුතු ආදර කතාවක්. ඔව්, අපි දෙන්න මුලින්ම මුනගැහුනෙ රෝස මල් පිපුන ලස්සන මල් වත්තක නම් නෙවෙයි. මහ සෙනඟක් හුඟක් කලබලයෙන් එහෙ මෙහෙ දුවන ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දවසෙදි BMICH එකේදියි අපි දෙන්න ඉස්සෙල්ලම මුනගැහුනෙ කියල මම කිව්වොත් හැමදාම වගේ ඔයා කියයි මම වැරදියි කියල. අපි මුලින්ම මුනගැහුනෙ අනුරාධ සර්ගෙ Logic Class එකේදි කියල ඔයා කියයි. ඒ කථාවත් ඇත්ත. ඒත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ළමයි හිටිය ඒ Class එකේදි ඔයා මට තවත් එක යාළුවෙක් විතරක්ම උනා. අඩුම ගානේ Class එකේ අන්තිම දවසෙදිවත් මම ඔයාගෙ Phone Number එක ඉල්ල ගත්තෙවත් නෑනෙ. එහෙම බැලුවොත් ඔයා කියන ඒ ආදර කතාව Logic Class එකෙන් පටන්ගෙන Logic Class එකෙන්ම ඉවර වෙනව.
ඒත් මම කියන ආදර කතාව පටන් ගන්නෙ එකේදි අපි දෙන්න මුන ගැහුන තැනින්. ලක්ෂගානක මහ සෙනඟක් එහෙ මෙහෙ දුවන ඒ තරම් කාර්‍යබහුල තැනකදි තැනකදි හොඳට දන්න කියන කෙනෙක් උනත් මඟ ඇරෙන්න පුලුවන්. ඒත් ඒ දෙනෝදාහක් අතර මගේ ඇස් ඔයා ලඟ නැවතුනා. ඔයත් මං දිහා බලලා යන්තමින් හිනහ වෙලා අහක බලා ගන්නව වෙනුවට මගෙ දිහාම බලාගෙන හිටියා. ලක්ෂ ගානක් මිනිස්සු මැද ඔයයි මමයි එකම ලෝකෙක හුදකලා උනා.
"අයේෂා"
"නිමේෂ්"
"ඉතින් කොහොමද?"
"හොඳින් ඉන්නවා"
ඊට පස්සෙ දිග නිහැඬියාවක්. අන්තිමේදි ඔයා මොනවද කියන්න හැදුවා. මමත් මොනවද කියන්න හැදුවා. ඔයා කියන්න ගිය නිසා මම මුකුත් කිව්වෙ නෑ, මම කියන්න ගිය නිසා ඔයා මුකුත් කිව්වෙත් නෑ.අපි දෙන්නම ගොළු උනා. ඊලඟ තත්පරයෙදි අපි දෙන්නම හිනා උනා.ඔව් මට තාමත් මතකයි. ඔයාට මතකද? ඔයා මගෙ Phone Number එක දැන් ඉල්ලයි දැන් ඉල්ලයි කියලා මම බලන් හිටියා. ඒත් හැම දේම වගේම ඔයාට ඒකත් අමතක උනා. හැබැයි මම ඔයාගෙ Phone Number එක ඉල්ලපු ගමන්ම ඔයා Number එක මට දුන්න. සමහරවිට ඔයත් බලාගෙන ඉන්න ඇත්තෙ මම Number එක ඉල්ලනකම්.
ඔයාට මතකද මුලින්ම අපි Phone එකෙන් කථා කරපු දවස. අපි කථා කලා වචන දෙක තුනක්. නැහැ දහයක් දොලහක්. ඒත් ඒ වචන දහය දොලහ ඇතුලෙ හැංඟුන ලොකු රහසක් තිබුන කියල මට හිතුනා. ඔයාටත් දැනෙන්න ඇති. ඒත් එදා කිව්ව දේවල් වලට වැඩිය කියන්න තිබුන දේවල් වැඩි නිසා ආයෙත් Call කරනකම් මග බලාගෙන හිටියා. මුලින් විනාඩි දෙක තුනක Call එක පැය දෙක තුනක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඒ පැය දෙක තුන නිසයි මගෙ මුළු දවසම ගත උනෙ. ඒ Call එක එනකම් මම කොයි තරම් ආසාවෙන්ද බලාගෙන හිටියේ. ඒ කාලය කොයිතරම් ලස්සනද? ඒ මතක කොයිතරම් අපිට ලෙංගතුද? ජීවත්වෙනව කියල මතක් කලේ ඒ මතක. ඒ මතකයන්ට මම ආදරේ කලා. ඔව්, ඔයාට මම ආදරේ කලා. ඇත්තටම මම ඔයාට ආදරේ කලා. ගොඩාක්.............
මේ ආදරයමයි II
ප.ලි.
මෙය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කරන "සංහිඳ" සඟරාවේ දෙවන කලාපයේ පල කරන ලද කෙටිකතාවකි. ඊලඟ කොටස ලඟදීම....

පෙර දින
පෙර දින උන්නා මගෙ දිවියම වී නිබඳව පෙම් බස් මුමුනාලා,
ඇයි මේ දුක දී වෙන් වන්නේ අද මා සිත හොඳටම රිදවාලා,
වරදක් උනාදනොදනිමි මා නම් නැත ඔබ කිසිදින හඬවාලා
හමු උන තැනින්ම වෙන් වී යමු අපි දෙනෙතේ කඳුලැලි පිස දමලා
සඳ උන් තැන අද සඳ නැත අහසේ
අප උන්තැන අද අප නැතුවා සේ
කඳුලුයි සැම විට රැඳුනෙම දෑසේ
තවමත් සුවඳයි ඔබ මට පෙර සේ
ඔබ ගිය තැනින්ම ලෝකය නැවතී
හැකිනම් හිරු සඳු ලොවට කියාවී
නැතිමුත් කිසි දින ඔබ මට අයිතී
තවමත් ඔබමයි මගේ කුමාරී

අතරමං උන පුංචි සුරඟන
ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........
කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........
වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........
Quality (අනේ මන්දා)
සමාසික යදමින්
බැඳ සිර ගත කල නොහැකි වූ කල,
දැන් දත කයි
තනන්නට
"නියම සරසවි සිසුවා"
80% දඬුකඳේ ගසා......
ඇත්ත නේන්නම්, ගහල හරි හදා ගන්න එපැයි.
බැඳ සිර ගත කල නොහැකි වූ කල,
දැන් දත කයි
තනන්නට
"නියම සරසවි සිසුවා"
80% දඬුකඳේ ගසා......
ඇත්ත නේන්නම්, ගහල හරි හදා ගන්න එපැයි.
විභාගයට කලින් Cheak list එකක්
- පෑන්, පැන්සල්, අඩිරූල
- මකන කෑල්ල
- Calculater එක.
- Admission එක.
- ID එක.
එතකොට
- ගිරව
- කඩ්ඩ
අයියෝ මතක් වෙන්නෙත් නෑනෙ.
හරි මතක් උනා,
- දැනුම ?
අයියෝ කෝ මේක,
කොහෙ දැම්මද?
හරි කමක් නෑ
ඕක නැතුවට
A+ එකක් ගන්න පුලුවන් අනිත් හැමදෙයක්ම මා ලඟ තියෙනවනෙ,
ඇයි මං විතරක්????
රන්ඩු වෙන්නෙ අපි දෙන්නම,
බැන ගන්නෙ අපි දෙන්නම,
ගහගන්නෙ අපි දෙන්නම,
ඊට පස්සෙ
කතා නොකර ඉන්නෙත් අපි දෙන්නම
ඒත්
ඇයි හැමදාම
මම විතරක්
ඉස්සෙල්ලම
"SORRY"
කියන්න ඕන???????
බැන ගන්නෙ අපි දෙන්නම,
ගහගන්නෙ අපි දෙන්නම,
ඊට පස්සෙ
කතා නොකර ඉන්නෙත් අපි දෙන්නම
ඒත්
ඇයි හැමදාම
මම විතරක්
ඉස්සෙල්ලම
"SORRY"
කියන්න ඕන???????
Subscribe to:
Posts (Atom)