මේ ආදරයමයි - II






විභාග ප්‍රතිඵල නිකුත් උනේ මට ගොඩාක් සතුටුදායක ආරංචියක් එක්ක.ඒ සතුට මට ලැබුනෙ මම campus select උන නිසා නෙවෙයි. මටත් වඩා හොඳ results අරගෙන ඔයා campus select උන නිසයි.ඒක මගෙ ජීවිතේ මම අහපු සතුටුදායකම ආරංචිය උනත් අද මට හිතෙනව ඒ සතුටුදායක ආරංචියම තමයි මගෙ ජීවිතයට කඳුල ගෙනාවෙ කියල. ඔයාව කොලඹ තනි කරල මට ගොඩාක් දුර එන්න උනා. ඔයා කොලඹ තනි උනා කීයල හිතුවට ඇත්තටම සිද්ද උනේ ගොඩාක් දුරක මම තනි උන එක විතරයි කියලත් දැන් මට හිතෙනවා..

මම campus ආවට පස්සෙත් අපි කථා කලා. ඉස්සර තරම්ම වෙලාවක් සමහර විට ඊටත් වඩා. හැබැයි ඉස්සර තරම් ආදරෙන්ද කියන එක මටත් ප්‍රශ්නයක්. මට වෙනසක් දැනුනෙත් නෑ, හැබැයි නැත්තෙත් නෑ. ඉස්සරත් අපි කථා කලා, රන්ඩු උනා, ටික වෙලාවකින් මම වැරැද්ද බාර ගත්තා.
 "ඔයා හරි, මටයි වැරදුනේ" මම කියනව.
 "නෑ නෑ,ඔයා හරි, මටයි වැරදුනේ" ඔයා කියනව. අපි දෙන්නම හිනහ වෙනව. ප්‍රශ්නෙ එතනින් ඉවරයි.

දැනුත් අපි රන්ඩු වෙනව.පුරුදු විදිහටම මම වැරැද්ද භාර ගන්නව.  "ඔයා හරි, මටයි වැරදුනේ".  ඒත් එතනින් එහාට කථාව වෙනස්. ඉස්සර වගෙ අපි හිනා වෙන්නෙ නෑ. හැමදාටම මම පුරුදු උනා  "ඔයා හරි, මටයි වැරදුනේ"කියන්න. ඔව්,  "ඔයා හරි, මටයි වැරදුනේ"

විනාඩි දෙක තුනක call එක පැය දෙක තුනක් වෙන්න ගිය කාලයටත් වැඩිය ඉක්මනට පැය දෙක තුනේ call එක ආයෙත් විනාඩි දෙක තුනක් උනා. ඊටත් පස්සෙ දවසකට වතාවක්, දවස් දෙකකට වතාවක්, සතියකට වතාවක් විදිහට ක්‍රමානුකූලව අඩු වෙලා ගිහින් මාස දෙක තුනකට වතාවක් ලැබෙන පුංචිම පුංචි sms එකකට අපේ ආදරේ අද සීමා වෙලා.

අපි ගොඩක් දේවල් කතා කලා. ගොඩාක් දේවල්. ඒත් ආපහු හැරිලා බැලුවම මට හිතෙනව අපිට මොනව හරි දෙයක් කථා කරන්න බැරි උනාද කියල. අපි මුළු ලෝකය ගැනම කථා කලා. ඒත් අපි ගැන වචන දෙක තුනක්වත් කතා කලාද? අඩුම තරමෙ ඔයාට ආදරෙයි කියලා කියාගන්නවත් මට කවදාවත්ම බැරි උනා. මට ආදරෙයි කියල ඔයත් කවදාවත්ම කිව්වෙ නෑ. ඒත් අපි දෙන්නගෙම හිත් වලට ඒ ආදරේ දැනුනා නේද?

මේ තරම් වෙලාවක් මතක පොතේ පිටු පෙරල පෙරල මම හෙව්වෙ එකම එක ප්‍රශ්නෙකට උත්තරයක්. ඇත්තටම මට වැරදුනේ කොතනද? මගේ ආදරය කවදාවත්ම ඔයාට නොකීව නිසාද මට වැරදුනේ. අනේ මන්දා.

ඒත් ආදරේ කියන දේ මම ඉගෙන ගත්තෙ ඔයාගෙන්. ඔයයි මට ආදරේ කියල දුන්නෙ. මම දන්නෙ ඔයා මට කියල දුන්න ආදරේ විතරමයි. ඔව්, මට තවම ඇහෙන්නෙ ආදරේ කියල ඔයා කියපු කවිය විතරමයි. ඔයාගෙ කවියමයි.

මුතු වැස්ස වහිනවා
එදා වාගේ දැනේ
අපේ මිරිවැඬි දොවා ගැලුවා
කොලඹ සරසවි මාවතේ
තවම මා ලඟ ඇසෙන්නේ
ආදරේයැයි ඔබ ලියූ කවියයි.

මේ ආදරයමයි
මම සොයා ගියේ
හදවතට තටු ලැබී
පියාඹා දුර අනන්තේ
පුංචි වැහිලිහිණියෝ
ඔබේ ගී හඬදෝ
තවම මා ලඟ ඇසෙන්නේ //

කියන්න මම හරිද? මේ වතාවෙදිවත් මම හරිද? පුළුවන්නම් කියන්න එකමෙ එක වතාවක්, "ඔයා හරි, මම  වැරදියි" කියලා. මම බලාගෙන ඉන්නවා. හැමදාටම.....

1 comment:

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...