බුරාවී


උඹත් කුණාටුවක්
ගජරාමෙට ලක ලැහැස්ති උනාට
ඇවිත් ගියා කියල
දැනුනෙවත් නැති..

පැතූ පැතුමන්

පැතූ පැතුමන්  පිරූ පෙරුමන්
සඟවගෙන හදවත කොනේ
මට අහිමි මග ඔහු සමග යන
දින පතමි ආසිරි ලඳේ..

ආදර කන්ද පාමුලදි බිම
වැටී සැඟ උන කඳුලු බිඳුවක්
සොයා සඟවා තබමි රහසේ
තනි මකන්නට පාලු අහසක්..

දිනෙක ඉඳහිට ඔබේ මතකය
හදේ ගැඹුරුම තැනින් මතුවී
රිදුම් දෙන විට හැඳින ගන්නෙමි
සැබෑ ප්‍රේමය එයම විලසින්..




Related Posts Plugin for WordPress, Blogger...