මතක පොත අතරින්

පොද වැස්ස ඇද වැටෙන මන්දාරමේ ගුලි වෙවී
පිච්චියක් අත නැතත් ආදරෙන් වෙලි වෙලී
එක කුඩය යට දෙන්න ගියපු හැටි තෙමි තෙමී
සිහි කරයි අතීතය මතක දොර ඇරි ඇරී


අදත් සිරිපොද වැස්ස එදා මෙන් වහිනවා
මන්දාරමයි කුඩෙයි එලෙසින්ම තියෙනවා
මගේ තනි නොතනියට නුඹත් ලඟ ඉන්නවා
ඒත් ආදරියෙ දැන් අපිට කාරෙකක් තියෙනවා




හනික එන්නම්

සැඳෑ කළුවර එබෙන්නට පෙර
දින ගෙවා ගෙට එනතුරා
රිදෙනවද ඔය පුංචි නෙතු යුග
මා එනතුරා මග බලා…

ගතේ වෙහෙසයි සිතේ රිදුමයි
දිනයෙ අපමන කටුක හැඟුමන්
ඔබේ කිරිකැටි සිනහා අභියස
මැකී යයි සිත තුටු වෙලා…

නිදන්නට සුව යහන වන්නට 
මගේ උර මත වැතිරිලා
හනික එන්නම් පුංචි දෝණියෙ
තවත් ඔය නෙතු නොරිදවා...



Related Posts Plugin for WordPress, Blogger...