යාන්තමටත් වඩා චුට්ටක් අඳුරු උන අහස, වැහි බීරුම, සීතලට හමන මද සුලඟත් එක්ක එකතු වෙලා පුංචි වැහි පොද වලට වහින්නට ලබා දෙන ඉඩකඩයි මන්දාරම. ඒ වගේමයි මෙතුවක් කල් වහින්න පෙරුම් පුරපු මගේ සිතිවිලි වැස්සටත්, දෝරෙ ගලා යන්න ලැබෙන ඉඩකඩත් මන්දාරම. ඉතින් එන්න අපි තෙමෙමු.........
පුවතක්
කොරෝනා එක්ක ජීවත් වීමට ජනතාව හුරු විය යුතුයි
-පුවතක්-
උඹත් එක්කත් ඉන්න තිබුනා
හරි ආදරෙන් තාමත්
උන්නා නම් මේ වගේ
කට වහගෙන
මීටරෙන්
තත්පර තිහක්වත්
ලක්ශපතියට යන්න හිතෙනවා
උත්තරේ දැන දැනත්
Call a friend ගන්න
වැරදි උත්තරේම
දෙන බව දැන දැනම
උඹත් එක්ක කතා කරන්න
තත්පර තිහක්
ඔව් තත්පරම තිහක්
සෞභාග්‍යයේ දැක්ම
අඩක් නිම කල නිවාස
මග කැඩෙන වාහන
මදිවට
අහසට උස ණය කඳු
මැදින්
පියමනින්නට වෙරදරන
පංතියත් අහිමි
මැද පංතියේ ශරීර කූඩුවල
හිත් සනසවන්නට...
මග කැඩෙන වාහන
මදිවට
අහසට උස ණය කඳු
මැදින්
පියමනින්නට වෙරදරන
පංතියත් අහිමි
මැද පංතියේ ශරීර කූඩුවල
හිත් සනසවන්නට...
පරිණාමවාදය අලුතින් හිතන්න
වෙලාවකට හිතෙනවා
අනිත් සත්තු
පහු කරගෙන
අපි ඉස්සරහට ගියාද
නැත්තම්
ගහකට නැග ගන්න බැරි
අඩි දහයක් දුව ගන්න බැරි
වැස්සක තෙමෙන්න බැරි
ඇලක දොලක පීනන්න බැරි
අපිව
අත ඇරල දාල
උන් ඉස්සරහට ගියාද
කියල
අනිත් සත්තු
පහු කරගෙන
අපි ඉස්සරහට ගියාද
නැත්තම්
ගහකට නැග ගන්න බැරි
අඩි දහයක් දුව ගන්න බැරි
වැස්සක තෙමෙන්න බැරි
ඇලක දොලක පීනන්න බැරි
අපිව
අත ඇරල දාල
උන් ඉස්සරහට ගියාද
කියල
පැතූ පැතුමන්
පැතූ පැතුමන් පිරූ පෙරුමන්
සඟවගෙන හදවත කොනේ
මට අහිමි මග ඔහු සමග යන
දින පතමි ආසිරි ලඳේ..
ආදර කන්ද පාමුලදි බිම
වැටී සැඟ උන කඳුලු බිඳුවක්
සොයා සඟවා තබමි රහසේ
තනි මකන්නට පාලු අහසක්..
දිනෙක ඉඳහිට ඔබේ මතකය
හදේ ගැඹුරුම තැනින් මතුවී
රිදුම් දෙන විට හැඳින ගන්නෙමි
සැබෑ ප්‍රේමය එයම විලසින්..
මතක පොත අතරින්
පොද වැස්ස ඇද වැටෙන මන්දාරමේ ගුලි වෙවී
පිච්චියක් අත නැතත් ආදරෙන් වෙලි වෙලී
එක කුඩය යට දෙන්න ගියපු හැටි තෙමි තෙමී
සිහි කරයි අතීතය මතක දොර ඇරි ඇරී
අදත් සිරිපොද වැස්ස එදා මෙන් වහිනවා
මන්දාරමයි කුඩෙයි එලෙසින්ම තියෙනවා
මගේ තනි නොතනියට නුඹත් ලඟ ඉන්නවා
ඒත් ආදරියෙ දැන් අපිට කාරෙකක් තියෙනවා
හනික එන්නම්
සැඳෑ කළුවර එබෙන්නට පෙර
දින ගෙවා ගෙට එනතුරා
රිදෙනවද ඔය පුංචි නෙතු යුග
මා එනතුරා මග බලා…
ගතේ වෙහෙසයි සිතේ රිදුමයි
දිනයෙ අපමන කටුක හැඟුමන්
ඔබේ කිරිකැටි සිනහා අභියස
මැකී යයි සිත තුටු වෙලා…
නිදන්නට සුව යහන වන්නට
මගේ උර මත වැතිරිලා
හනික එන්නම් පුංචි දෝණියෙ
තවත් ඔය නෙතු නොරිදවා...
සරුංගලය
අතරමං කරන්නට වෙරදරන
උඩු හුලඟ හමුවේ
රැඳී ඉන්නට දරන වෙර...
ඒත්
අම්මයි තාත්තයි කියනව ඇහුන
හරි ආඩම්බරෙන්
"පුතා දැන් කොළඹ,
ලොකු රස්සාවක් කරනවා"
Subscribe to:
Posts (Atom)





උඹත් කුණාටුවක්