Devise Found



ගෙන්  :  XX/MS/XXX (සම්පූර්ණ මෘදුකාංග හා දෘඩංග පද්ධතියකි)
වෙත  :   නාඳුනන පද්ධතිය

  • කිසිඳු අයුරක සාර්ථක සම්බන්දතාවයක් ගොඩ නඟා ගැනීමට නොහැකිව ඒ සඳහා සුදුසු පද්ධතියක් සොයමින් ( search කරමින් )  සිටි මට ඔබේ XX/MS/XXX දරණ පද්ධතිය හමු වූ බව මින් දැනුම් දෙමි.
  • නමුත් සබඳතාවය ගොඩ නඟා ගැනීමට පෙර ඔබට ගිනි තාප්පයක් ( Fire Wall ) මැදින් පැනීමට සහ Virus Guard  එකක් යටතේ පරීක්ෂාවකට ලක් වීමට සිදු වනු ඇත.
  • ඉහත පරීක්ෂණ 2න් ඔබ සාර්ථක වුවහොත් මා සමග සාර්ථක සම්බන්දතාවයක් ආරම්භ කිරීමට ඔබට හැකි වනු ඇත.  
  • සබඳතාවය ආරම්භයේදී 10 tb  පමණ වන මාගේ ධාරිතාවයෙන් 2 tb  ක ඉඩ ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන අතරම ඔබගේ ධාරිතාවයේ ද එවැනිම ඉඩක් බලාපොරොත්තු වෙමි.
  • සබඳතාවයේ සාර්ථකත්වය මත පදනම්ව මා සතුව ඇති ආදරය සහ කරුණාව නම් වූ මිලාධික මෘදුකාංග (Software ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
     
  • තවද ඔබේත් මගේත් දෘඩාංග ( Hardware) පොදුවේ භාවිතා කිරීමට ඔබ කැමති වනු ඇතැයි සිතමි.
  • සබඳතාවය ඉතා සාර්ථක උවහොත් යම් දිනක තවත් අප වැනිම පද්ධතියක් බිහි කිරීමටද අපට හැකි වනු ඇත.
  • සැලකිය යුතු ප්‍රධානම කරුණ වන්නේ සබඳතාවය ඕනෑම වේලාවක විසන්දි කිරීමට ( disconect කිරීමට ) ඔබට මෙන්ම මටද හැකියාවක් තිබෙන බවයි. ඒ වන විට යම් අලාභයක් ලබා ඇත්නම් එය තනිව විඳදරා ගැනීමට සිදු වනු ඇත.
  • ඉහත කොන්දේසි වලට යටත්ව සබඳතාවය ඇති කර ගැනීමට කැමති නම්  කරුණාකර ඉල්ලීම පිලිගන්න (Accept the Request) . මුර පද ( Password ) යොදා නොමැත.
  • අදාළ නොවේ නම් නොසලකා හරින්න. ( Ignore All )
..................................................................................................................................................................

ප.ලි.

ඔබේත් මගේත් මෙම සබඳතාවය "ආදරය " ලෙස නම් කල යුතුයැයි මම යෝජනා කරමි.ඔබ එය පිලිගන්නේනම් ඔබ පෙම්වතිය ලෙසත් මා පෙම්වතා ලෙසත් මින් මතුවට හැඳින්විය හැකි වනු ඇත..


ඔබ.......

පාළුව කාන්සිය තනිකම,
මඳ අඳුර,
මන්දාරම .
මේ හැම දේම තියෙනවා.....
අඩු ඔයා විතරමයි.....

හ්ම්ම්ම්ම්ම්ම්...........

ඒකත් ඇත්ත,
ඔයා හිටිය නම්
කොයින්ද
පාළුව,තනිකම...............

කවි පදවැල් පබඳිමි කෙලෙසා..........

-->

සුවඳ පුයරු නොදැම්මාට
ඇහි බැම හැඩ නොකෙරුවාට
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


රුවැත්තියන් ගත දවටනු
පිනිස සේද සළුව වියන
සන්නාලි සොයුරියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


 සැඳෑ සාද රස කෙරුමට
දේ දල්ලෙන් රසය මවන
තේ දළු නෙලන ලියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........

මා ඉතින් යන්න යනවා......




නිරුදක කතරක
තනිව සරමින්
සේන්දු විනි කෙම්බිමක් වෙත,
සිහිල් පහස විඳ
තැබුවෙමි පිය මං සලකුනු,
දැන් ඉතින් කාලයයි
නික්ම යන්නට
මේ නවාතැනත් හැරදා.
සියලු දේ අතීතයටම
එකතු වී ඇත.
පසක් කරමින්
නිත්‍ය වන්නේ,
අනිත්‍යම පමණක් වග............

සුභ අලුත් අවුරුද්දක් වේවා!

කෝටි දෙකක මහ සෙනඟක්
මුලු රටක්  
එකම මොහොතක 
වැඩ නවත්තා, 
එකම මොහොතක 
කති බොති වැඩෙහි යෙදෙති. 
මේ අරුමයම නොවෙද 
සැබෑම
"සුබම සුබ අලුත් අවුරුද්ද"






අලුත් අවුරුද්දේ අර්ථය එකමුතුකමයි, 
එක්වෙමු අලුත් අවුරුද්ද අරුත් ගන්වමු....


සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ ඇත්තමයි....

යකුළු පහරකට විසුනු කල නොහෙනා
මහා මේරුවක් වන් හදවත
සියුම් හී තුඩින් ඇන
සසල කල හැක්කේ ඔබටමයි.

දෙනෝ දාහක් මහ සෙනඟ මැද
නිමේශයක පමාවෙන්
මා හුදෙකලා කල හැක්කේද ඔබටම පමනයි,

ඉතින් කොහොමද මම කියන්නෙ
නුඹ නැතිව මට පළු නෑ කියා
තත් කොහොමද මම නොකිය ඉන්නෙ
නුබ නොමැතිව මගෙ ජීවයක් නෑ කියා

නෑ නෑ නෑ වැරදුනා
මට පුළුවන් තනියම ඉන්න
මට පාළු නෑ
 නෑ නෑ නෑමයි........

අපි නම් නිදි නෑ.....

ඔය හැදෙන්නෙ ගොඩනැගිලි
කෑ ගැහුවෙ නැතුවට
ක්‍රීඩාංගන පාරවල්
ඉල්ලන්නත් කලිංම හදනවනෙ
අර සංගම් නැතුවට
අනේ අම්මප
අපරාදෙ අපි කෑගැහුවෙ

ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං

ෂික් විතරක්
නිදාගත්ත විතරයි මතක
මේ කෙහෙල්මල් එක වදිනවනෙ

ත්‍රස්තවාදය




සබරගමු සරසවි සොයුරන් තිදෙනාට එල්ල කල මැර ප්‍රහාරය හෙලා දකිමු. 
මෙවන් සොඳුරු මිනිසුන්ට පහර දුන් මැරයන්ට 
සහ උන්ට අනුබල දුන් අමනයන්ට
 ශාප වේවා!!!!!




සුබ අළුත් අවුරුද්දක් වේවා !


පුම්බපු බැළුන් බෝල
නම කියන්න තේරෙන්නෙත් නැති
කෑම ජාති,
තව වීදුරු බෝතල්වල සැර බීම
වටකරගත්
පාට පාට සිහින ලොවකි
"31st night"
ඒත් පහුවදාට
පුරුදු ගහකොල
පුරුදු සුලඟමයි.
පුරුදු ප්‍රශ්න වැලම
කරපින්නාගෙන
දිගේලි කරාවි
බර අදින්නට
තවත් දොලොස් මහක් පුරාවටම………..

මේ නම් ආදරයමයි......

ඔබෙ එකම එක කටුක වදනක්,
කිණිසි පහරකි
නියම ඉලක්කයටම එල්ල වූ
වියරු වෙයි නුඹ - රුදුරු වෙයි නුඹ
නමුත් බැහැ නේද එක තත්පරයකට වඩා
කරන්නට ඔය බොරුව.
අසුරු සැනකින්
ලපටි දැරියකගෙ සිනහවක් පා
බොලඳ වදන් දොඩමින්
මට තුරුළු වන්නේ
නුඹම නොවෙද?
පුදුමයි,
ආදරයට කල හැකි හපන්කමක්.
ඇත්තමයි,
 මේ නම් ආදරයමයි......
Related Posts Plugin for WordPress, Blogger...