මේ නම් ආදරයමයි......

ඔබෙ එකම එක කටුක වදනක්,
කිණිසි පහරකි
නියම ඉලක්කයටම එල්ල වූ
වියරු වෙයි නුඹ - රුදුරු වෙයි නුඹ
නමුත් බැහැ නේද එක තත්පරයකට වඩා
කරන්නට ඔය බොරුව.
අසුරු සැනකින්
ලපටි දැරියකගෙ සිනහවක් පා
බොලඳ වදන් දොඩමින්
මට තුරුළු වන්නේ
නුඹම නොවෙද?
පුදුමයි,
ආදරයට කල හැකි හපන්කමක්.
ඇත්තමයි,
 මේ නම් ආදරයමයි......
Related Posts Plugin for WordPress, Blogger...