මේ නම් ආදරයමයි......

ඔබෙ එකම එක කටුක වදනක්,
කිණිසි පහරකි
නියම ඉලක්කයටම එල්ල වූ
වියරු වෙයි නුඹ - රුදුරු වෙයි නුඹ
නමුත් බැහැ නේද එක තත්පරයකට වඩා
කරන්නට ඔය බොරුව.
අසුරු සැනකින්
ලපටි දැරියකගෙ සිනහවක් පා
බොලඳ වදන් දොඩමින්
මට තුරුළු වන්නේ
නුඹම නොවෙද?
පුදුමයි,
ආදරයට කල හැකි හපන්කමක්.
ඇත්තමයි,
 මේ නම් ආදරයමයි......

1 comment:

  1. ආදරේදි පොඩි පොඩි යුද්ධවල් තමයිලුනේ සුන්දර.......
    හැබැයි කිනිසිපාර සැර වැඩිනම්
    දිනන්ටත් අමාරුමනන්
    හොඳම ආයුධය තමයි
    phone එකේ
    රතු පාට බොත්තමක් පාවිච්ච් කරන එක......

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...