සුබ අළුත් අවුරුද්දක් වේවා !


පුම්බපු බැළුන් බෝල
නම කියන්න තේරෙන්නෙත් නැති
කෑම ජාති,
තව වීදුරු බෝතල්වල සැර බීම
වටකරගත්
පාට පාට සිහින ලොවකි
"31st night"
ඒත් පහුවදාට
පුරුදු ගහකොල
පුරුදු සුලඟමයි.
පුරුදු ප්‍රශ්න වැලම
කරපින්නාගෙන
දිගේලි කරාවි
බර අදින්නට
තවත් දොලොස් මහක් පුරාවටම………..

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...