ඉතින් අවසරයි....

සිව් වසකට මදක් වැඩි කල් 
බලා සිටියත් මදි තවම මට 
නුඹේ රුව ගුණ වයනු කෙලෙසක  
මගේ ආදර සබරගමු අම්මා

ආදර කඳු සිප හමනා සුලඟට 
බෙලිහුල් ඔය නම් කෙහෙරැළි රඟදෙන 
නුඹ මුව මඩලේ රුව කොතරම් කල් 
බලා හිටියත් මදි තවම මට

හැර යන්නට වන නුදුරු හෙට දින 
රැගෙන යමි මම සියළු ගුණ දම් 
සමනල වැවතරම් ගැඹුරු හද මඩලින් 
කාන්දු කරන ලද අපේ හදවත් වෙත

1 comment:

  1. හැර ගොස්
    වසක් ගෙවුනද
    මට හැගෙනුයේ
    මම තාමත් සබරේ වගෙයි......
    ගිනියම් මහ පොලවේ
    ඇති කූරත්වය
    දකින කල්හි
    සබරේ....
    දෙපයට පෑගෙන
    දුහුවිල්ලද
    සැපයකි මට......

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...