ඔබ එනතුරු.....

සුලඟ රහසක් කියනවා
නුඹම මතකෙට නැගෙනවා
වීදි අතරේ සරනවිට මට
පුරුදු සුවඳම දැනෙනවා

එදා මතකය දෑස් අබියස
සිත්තමක් සේ ඇඳෙනවා
ගතින් දුර මුත් සිතින් ලඟ බව
සුලඟ රහසින් කියනවා

අතින් අත ගෙන පුරුදු මාවත
සරන සිහිනය දකිනවා
යලිත් එනතුරු වැව රවුම ලඟ
තවම මම මග බලනවා 


ඡායාරූපය http://www.flickr.com/photos/charithmania/7809139104/sizes/k/in/photostream/

1 comment:

  1. සමාවනු මැන සමාවනු මැන කුමරුනේ
    නොදැන හිටියා නොවේ අප පෙම
    සරසවිය තුල දකින ඉමිහිරි
    සිහිනයක් බව හැබෑ නොවෙනා

    සමා අයදිමි ආලයට මා බැඳි
    නොදී යන්නට ඔබ හට පලා
    වරද ඔබ මෙන් මා සතුද වේ
    එය හොදින් දැන සිටි නිසා

    එහෙත්,

    හාගලත් තව පෙර වගේමයි
    ඔබ නමින් මා බැදපු පෙම සේ
    විසිර යයි දුක් කදුලු ගිරිහිස
    වැසුනු මිහිදුම් පටලයක් සේ

    සිහිනයක් සේ මැවේ තවමත්
    සොදුරු මතකය පෙර අපේ
    සගවන්න බැරිමුත් නොහඩා සිනාසෙමි
    නාමයෙන් ප්‍රේමය අපේ..

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...