දිනෙක ඉඳහිට..

දිනක ඉඳහිට සැඳෑ වරුවක
ලෝකයෙන් තනි වූ ඇසිල්ලක
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල තනි වෙමී..

සිහින මිහිදන් සුසානය මත
අදත් යුවලකි මතක ඇහිඳින
තබන බර අඩි සද්ද හින්දම
අවදි කරවයි මියුනු මතකය
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල ඇවිදිමී..

සිත්තමක් සේ දෑස් අභියස
ඇඳෙන පෙර දින මට උරුම රුව
හදින් පිටමං නොකල  වරදට
නෙතු කෙවෙනි නිති බොඳ වෙවී
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල තනි වෙමී..


1 comment:

  1. හරිම ලස්සනයි.
    මාත් සින්දු ලියන කෙනෙක්.
    මම කැමති ඔයාව හදුනගන්න....

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...