අහගනිල්ලා



කෙසඟ සිරුරක් තියුණු දෙනෙතක්
සත්‍යයේ ලෝ දහම කියනා පිරිසක්
කන්දියල්ලා උන්ගෙ හඬටත්
දෙසවනින් නොව බුද්ධියෙන් එක වරක්
දෙසවනින් නොව හදවතින් තව වරක්

උන් නඟන ඒ සත්‍යයේ හඬ
රතු පාට කමිසයට කොටු කල
මෝඩ මිනිසුනි අහගනිල්ලා
දෙසවනින් නොව බුද්ධියෙන් එක වරක්
දෙසවනින් නොව හදවතින් තව වරක්

රුදුරු සරසවි නිම්නයක සිට
නොදුටු පරපුර වෙතට ඉගෙනුම
උරුම කරනට වෙර දරන හඬටත්
දෙසවනින් නොව බුද්ධියෙන් එක වරක්
දෙසවනින් නොව හදවතින් තව වරක්

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...