අතරමං උන පුංචි සුරඟන

අතරමං උන පුංචි සුරඟන
ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........


කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........


වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

6 comments:

  1. hmm ආර්ට් කලා නම් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන්නම් එහෙම හිතෙනව, ඒත් ART නොකලට මම මට පුලුවන් හැටියෙන් කලාව හදාරනව. බොහොම ස්තූතියි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට හිතුණෙ ගීතයකට නම් ලස්සන පබැදුමක්.. :)

      Delete
    2. උත්සහ කරල බලමුකො, බොහොම ස්තූතියි.

      Delete
  3. ටිකක් වෙනස් විදිහකට ලියපු පොස්ටුවකින් ගත්තු පද පේලි කිහිපයක් තමයි මේ තියෙන්නෙ,ඒ පොස්ට් එකත් බලලම ඉන්නකො.
    http://mandharama.blogspot.com/2011/07/blog-post_18.html

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...