පුතුනේ.....

  දිගු කාලයක්, නිහැඬියාවක්  අවසාන වෙලා ආයෙත් මන්දාරම අහසෙ වැහි පොදක් මතුවෙලා. ඉතින් සහෘදය කමා කොට වූ අඩුපාඩුවට, එන්න අපි තෙමෙමු අයෙත් මේ සිතිවිලි වැස්සේ................



සමන් ගිර වැඳ හිරු නැගි අළුයම
පහන් තරුවයි මා
කොළොම්පුරයෙන් හිරු බසින විට
ඉරබටු තරුවයි මා
නුඹට අමතකද පුතුනේ.....

හිරු නැගෙන්නට වෙර දරන විට
තිඹිරිගෙය අභියසට වී
නුඹේ ගමනට පාර කියු ඒ
පහන් තරුවයි මා
නුඹට අමතකද පුතුනේ.....

කොළොම්පුරයට සින්න වී ඔබ
අපේ අහසින් නික්ම යන විට
අඳුරු අහසේ තනිව වෙර දරනා
ඉරබටු තරුවයි මා
නුඹට අමතකද පුතුනේ.....

ඔබට නිසැකවම සිතේවි මේ පද පේළි අතර සැඟව තියෙන්නෙ පියෙකුගෙ කඳුලු කියල. ඒත් ඒ වෙනුවට මේ තියෙන්නෙ ගමේ පාසලක්  ගැන එහෙම නැත්නම් අපි හැමෝම අමතක කරල දාල ඉන්න අපේ ගමේ පාසලේ ගුරුතුමාගේ වචනයි කියල හිතල ආයෙත් මේ පද පේළි කිහිපය කියවල බලන්න ඔබට ආරාධනා කරනව.

2 comments:

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...