(අ) නුවණැති පුරෝහිතයා


එකෝමත් එක රටක හිටපු රජතුමෙකුට රට තොට සංචාරය කරනකොට සිරිපතුලෙ මඩ ගෑවෙන එක ලොකු ප්‍රශ්ණයක් උනාලු. ඒත් ඉතින් සංචාරය නතර කරන්නත් බෑනෙ, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ලුනෙ. මේකට විසඳුමක් විදිහට රජතුමා යෝජනා කලාලු රටේ හැමතැනකම බුමුතුරුණු අතුරන්න. ඒත් නුවණැති පුරෝහිතය කිව්වලු රජතුමාගෙ කකුලෙ මඩ ගෑවෙන එකනෙ ප්‍රශ්නෙ, ඉතින් රජතුමාගෙ කකුල් වැහෙන දෙයක් හැදුවනම් හරිනෙ කියල. ඔය විදිහටලු සපත්තු ඇති උනේ.
ඒ අතීත කතාව,
ඒ කාලේ අපි නුවණැති පුරෝහිතයට අත්පුඩි තැළුවා.
ඒත් අද හිතෙනවා,
ඒ මෝඩ පුරෝහිතය එහෙම නොකීවනම්, 
එදා වේල හොයා ගන්න මහන්සි වෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ කකුල් වලත් මඩ බිංදුවක් වත් නොගෑවෙන වර්තමානයක් අපිටත් උරුම වෙන්න ඉඩ තිබුන කියල.


1 comment:

  1. ඒකත් මරු වැඩෙ තමයි. හැබැයි මිත්‍රය ඕව මේ අරබි කාරයන්ගෙ විසඳුම්.

    ආතල් එකක් ගියාම වැලිගොඩවල් පුරවල golf පිට්ටනි හදනව, එහෙම නැත්නම් මුහුද මැද්දෙ තල් ගස් හදනව. අලුතින් car එකක් phone එකක් නෙමෙයි අලුතින් ප්ලේන් එකක් ආවත් සල්ලි දීල තමන්ටම එකක් ගන්නව.

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...