කවි පදවැල් පබඳිමි කෙලෙසා..........

-->

සුවඳ පුයරු නොදැම්මාට
ඇහි බැම හැඩ නොකෙරුවාට
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


රුවැත්තියන් ගත දවටනු
පිනිස සේද සළුව වියන
සන්නාලි සොයුරියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


 සැඳෑ සාද රස කෙරුමට
දේ දල්ලෙන් රසය මවන
තේ දළු නෙලන ලියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........

මා ඉතින් යන්න යනවා......




නිරුදක කතරක
තනිව සරමින්
සේන්දු විනි කෙම්බිමක් වෙත,
සිහිල් පහස විඳ
තැබුවෙමි පිය මං සලකුනු,
දැන් ඉතින් කාලයයි
නික්ම යන්නට
මේ නවාතැනත් හැරදා.
සියලු දේ අතීතයටම
එකතු වී ඇත.
පසක් කරමින්
නිත්‍ය වන්නේ,
අනිත්‍යම පමණක් වග............

සුභ අලුත් අවුරුද්දක් වේවා!

කෝටි දෙකක මහ සෙනඟක්
මුලු රටක්  
එකම මොහොතක 
වැඩ නවත්තා, 
එකම මොහොතක 
කති බොති වැඩෙහි යෙදෙති. 
මේ අරුමයම නොවෙද 
සැබෑම
"සුබම සුබ අලුත් අවුරුද්ද"






අලුත් අවුරුද්දේ අර්ථය එකමුතුකමයි, 
එක්වෙමු අලුත් අවුරුද්ද අරුත් ගන්වමු....


සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ ඇත්තමයි....

යකුළු පහරකට විසුනු කල නොහෙනා
මහා මේරුවක් වන් හදවත
සියුම් හී තුඩින් ඇන
සසල කල හැක්කේ ඔබටමයි.

දෙනෝ දාහක් මහ සෙනඟ මැද
නිමේශයක පමාවෙන්
මා හුදෙකලා කල හැක්කේද ඔබටම පමනයි,

ඉතින් කොහොමද මම කියන්නෙ
නුඹ නැතිව මට පළු නෑ කියා
තත් කොහොමද මම නොකිය ඉන්නෙ
නුබ නොමැතිව මගෙ ජීවයක් නෑ කියා

නෑ නෑ නෑ වැරදුනා
මට පුළුවන් තනියම ඉන්න
මට පාළු නෑ
 නෑ නෑ නෑමයි........

අපි නම් නිදි නෑ.....

ඔය හැදෙන්නෙ ගොඩනැගිලි
කෑ ගැහුවෙ නැතුවට
ක්‍රීඩාංගන පාරවල්
ඉල්ලන්නත් කලිංම හදනවනෙ
අර සංගම් නැතුවට
අනේ අම්මප
අපරාදෙ අපි කෑගැහුවෙ

ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං

ෂික් විතරක්
නිදාගත්ත විතරයි මතක
මේ කෙහෙල්මල් එක වදිනවනෙ
Related Posts Plugin for WordPress, Blogger...