කවි පදවැල් පබඳිමි කෙලෙසා..........

-->

සුවඳ පුයරු නොදැම්මාට
ඇහි බැම හැඩ නොකෙරුවාට
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


රුවැත්තියන් ගත දවටනු
පිනිස සේද සළුව වියන
සන්නාලි සොයුරියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


 සැඳෑ සාද රස කෙරුමට
දේ දල්ලෙන් රසය මවන
තේ දළු නෙලන ලියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...